හමුදාවෙන් පැනපු 679ක් කොටුවෙයි.

Sri Lanka Army Sri Lanka Police Sri Lanka Navy
By Zara Mar 05, 2025 06:32 PM GMT
Zara

Zara

Report

 හමුදා සේවයෙන් පලා ගොස් සිටි හමුදා සාමාජිකයන් 679 මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාශය පවසයි.

ඉකුත් පෙබරවාරි මස 22වනදා සිට අද (5) දක්වා කාලය තුළ පොලීසිය හා යුද හමුදා පොලීසිය එක්ව සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගත්පිරිසෙන් බහුතරය යුද හමුදා සමාජිකයන් වන අතර, එම සංඛ්‍යාව 535කි. ඊට අමතරව නාවික හමුදාවේ 63 දෙනෙකුද, ගුවන් හමුදාවේ 81 දෙනෙකුට මෙම අත්අඩංගුවට ගත් පිරිසි අතර සිටියි.

පසුගිය මස 22වනදා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී පවසා සිටියේ ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට තමන් නියෝග කළ බවයි.

අනුර හමුදාව අඩු කරයිද?

අනුර හමුදාව අඩු කරයිද?

ඩේසි ආච්චිට මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක්! (VIDEO)

ඩේසි ආච්චිට මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක්! (VIDEO)

ReeCha