ඡන්ද වියදම් මිලියන 670ක් තවමත් ලැබී නැහැ.
Election Commission of Sri Lanka
Government Of Sri Lanka
By Wayomi
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබීමේ ප්‍රමාදයක් ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ එක්තරා මාධ්‍ය ආයතනයක් සමඟ පැවැත් වූ විශේෂ සංවාදයකට එක්වෙමින්.
එහිදී සභාපතිවරයා පවසා ඇත්තේ, පෙබරවාරි මාසයට රුපියල් මිලියන 770කට අධික මුදලක් අවශ්‍ය බවත්, නමුත් මේ දක්වා ආණ්ඩුව විසින් ලබා දී ඇත්තේ රුපියල් මිලියන 100ක් පමණක් බවත්ය.
කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, අධිකරණ තීන්දුව ලැබෙන තෙක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |