නැවත දැනුම් දෙන තුරු පාසල් 630 ක් වසා දැමේ..

By Sewvandhi Nov 11, 2021 02:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පාසල් 630ක් පමණ වසා දැමීමට සිදු වී තිබෙන බව වාර්තා වනවා. යාපනය දිස්ත්‍රික්කයේ පාසල් 444 ක්ද, වයඹ පළාතේ පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල් 37ක්ද, හලාවත සහ ගිරිඋල්ල යන කලාපවල පාසල් එකොළහ බැගින් ද වසා දැමීමට සිදු වූ බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයලත් දිසානායක මහතා පැවසුවේ.

ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලය ද ජලයෙන් යට වී ඇති බවත් ඒ මහතා පැවසුවා. එමෙන්ම බස්නාහිර පළාතේ කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කයන්හි පාසල් 15ක් පමණ ද, සබරගමුව පළාතේ ඇළපාත ප්‍රදේශයේ පාසල් පහක් ද වසා දැමීමට සිදු වී තිබෙනවා.

මේ අතර පවතින අයහපත් කාලගුණය මත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් 105ක් වසා දමා තිබෙනවා. ආපදා තත්ත්වය හේතුවෙන් පාසල්වලට කිසිදු හානියක් සිදු වී නොමැති බවත්, පාසල් වසා දැමීමට සිදු වූයේ අවට පවතින ගංවතුර තත්ත්වයන් නිසා බවයි එම ප්‍රදේශවල අධ්‍යාපන බලධාරීන් පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha