ඊශ්‍රාලයෙන් දරුණු ප්‍රහාරයක් - ඉරානයේ ගම්මාන දෙකක් වනසයි - පුද්ගලයන් ජීවිතක්ෂයට
අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ ඉරානයේ ඔස්මවන්ඩාන් (Osmavandan) ගම්මානයේ ජනාවාස ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව එල්ල කරන ලද ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරානයේ 'මෙහර්' (Mehr) පුවත් සේවය වාර්තා කල බවයි.
අදාළ ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, බරපතල තුවාල ලැබූ තවත් සිව්දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන ආකාරයට ප්‍රහාරය හේතුවෙන් එම ගම්මානයේ නිවාස 5ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, තවත් නිවාස 22කට දැඩි හානි සිදුව ඇත. මෙම ප්‍රහාරයත් සමඟ කලාපය තුළ පවතින යුදමය නොසන්සුන්තාවය තවදුරටත් උත්සන්න වී ඇතැයි ද එම වාර්තාවේ සදහන් වේ.