මාතර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ද කරුණු රැසක්..රැදවියන් සම්බන්දව හදිසියේ ගත් තීරණය..
මාතර බන්ධනාගාරයේ රැදවියන් 55 දෙනෙකු අද (02) රාත්‍රියේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට තීරණය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
මාතර බන්ධනාගාරය තුළ පිහිටි බෝ ගසක අත්තක් G හා F යන වාට්ටු දෙකට කඩාවැටී හානි සිදුවීම හේතුවෙන් එම බන්ධනාගාරයේ ඉඩකඩ සීමාවීම නිසා මෙම තීරණය ගෙන ඇත.
දැඩි ආරක්ෂාව යටතේ මෙම කටයුතු සිදුවන අතර, ඉඩකඩ සීමාවීම හේතුවෙන් සිය කැමැත්තෙන් මාතර බන්ධනාගාරයෙන් ඉවත්වීමට කැමති රැදවියන් මෙලෙස ඉවත් කිරිමට පියවරගෙන ඇත.
ඊයේ (01) රාත්‍රියේ මාතර බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගිය අතර, තුවාල ලැබූ 11 දෙනෙකු මාතර මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
සිදු වූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ හෙරොයින් සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගත කර සිටි රැදවියෙකු බවට අනාවරණය වී තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ රැදවියන් 11 දෙනා අතුරින් 06 දෙනෙකු නේවාසික ප්‍රතිකාර අවසන් කර නැවත බන්ධනාගර ගත කල බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක කියා සිටියේ.
තුවාල ලැබූවන් අවුරුදු 25 සහ 52 අතර වයස් වල පසුවන්නන් වන අතර ඔවුන් දෙනිපිටිය, මිරිස්ස , වැලිගම , ගාල්ල , මාතර , ගන්දර, බටපොල, දෙයියන්දර හා ගල්ගමුව යන ප්‍රදේශ වල පදිංචිකරුවන්.
සිද්ධියත් සමග මාතර පොලිස් ස්ථානයේ හා අවට පොලිස් ස්ථානවල නිලධාරින්,පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදා භට පිරිස් යොදවා කඩිනමින් බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කිරිමට පියවර ගත් අතර ගාල්ල බන්ධනාගාරයෙන් ද අමතර නිලධාරීන් කැදවා තිබුණා.
අදාළ ගොඩනැගිල්ලේ සිටි අනෙක් රැඳවියන් සියලුදෙනා වෙනත් ගොඩනැඟිල්ලක ආරක්ෂිතව රැඳවීමටයි කටයුතු කෙරුණේ.
You may like this video