අත්‍යවශ්‍ය ඖෂධ 54ක් මෙරටට.
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54 ක් ප්‍රදානයක් ලෙස බංග්ලාදේශයෙන් මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් එරට සෞඛ්‍ය අමාත්‍යවරයා හරහා බංග්ලාදේශ අගමැතිනියගෙන් කළ පෞද්ගලික ඉල්ලීමක් අනුවයි මෙම ප්‍රදානය ලැබීමට නියමිතව ඇත්තේ.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් 58,307 ක් වටිනා අදාළ ඖෂධ තොගය බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඉදිරි සතිය තුළ මෙරටට ලැබෙනු ඇති.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එම ඖෂධ අතර පිළිකා සහ වකුගඩු රෝගවලට ලබා දෙන අත්‍යවශ්‍යම ඖෂධ රැසක් පවතින බවයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ පවතින ඖෂධ හිඟයට යම් විසඳුමක් මේ තුළින් ලැබෙන බවත්, ඉදිරියේදී දිගුකාලීන වැඩපිළිවෙළක් ලෙස ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ රජයන් අතර රාජ්‍ය මට්ටමේ ඖෂධ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවයි.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ඉදිරියේ රටතුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙල රැසක් මේ මොහොතේ ගනු ලබමින් සිටින බවයි.
