පැරණිම ලෙන් චිත්‍ර හුණුගල් ලෙනකින් හමුවේ..
Indonesia
World
Latest Headlines
By Piyumika
වසර 51,200 ක් පැරණි, ලෙන් චිත්‍රයක් ඉන්දුනීසියාවෙන් හමුවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ .
පුරාවිද්‍යාඥ කණ්ඩායමකට මෙම චිත්‍රය හමුවි ඇත්තේ ඉන්දුනීසියාවට අයත් දකුණු සුලවේසී දූපතේ පෙංග්කෙප් පළාතේ වනාන්තරයේ පිහිටි ‘ලියං කරම්පුඅං’ ලෙස හදුන්වන හුණුගල් ලෙනකිනි.
ලෙන් චිත්‍රයේ වයස නිර්ණය කිරීම සිදුවූයේ එය පරීක්ෂණවලට යොමු කරමිනි. කාලයාගේ ඇවෑමෙන් විනාශ වී ඇති ලෙන් චිත්‍රයේ මිනිස් රූපයක් සහ වල් ඌරකුගේ රූපයක් දකින්න ලැබෙයි.
මීට පෙර ද වසර දහස් ගණනක් පැරණි ලෙන් චිත්‍ර ඉන්දුනීසියාවේ වනාන්තරවලින් සොයා ගෙන ඇත.
කෙසේ නමුත් පුරා විද්‍යාඥයන් පවසන්නේ, ඔවුන්ට හමුවුණු පැරණිතම ලෙන් චිත්‍රය මෙය බවය.