අද විශේෂ දවසක් කියලා ඔබ දැනගෙන සිටියාද..

By Piyumika Jul 04, 2024 01:53 AM GMT
Report

ලෝක කොස්(වරකා) දිනය අද(04) වැනිදාට යේදී තිබේ. ප්‍රථම වරට 2016 වසරේදී කොස් (වරකා) ගෙඩිය සඳහා දිනයක් වෙන්වුණු අතර එතැන් සිට සෑම වසරකම ජූලි 4 වැනිදා දින ලෝක කොස් (වරකා) දිනය සමරනු ලබයි.

ගිනිකූරු කොටයක් කළ දෙයක්..

ගිනිකූරු කොටයක් කළ දෙයක්..

කොස් ගෙඩියේ වටිනාකම ලොවට කියාපෑම සඳහා මෙලෙස සෑම වසරකම දිනයක් වෙන්කර ඇත.

අමු කොස් ප්‍රනීත ව්‍යංජනයක් ලෙසත් ඉදුණු විට වරකා අමුවෙන් ආහාරයට ගත හැකිවීමත් ශාක පදනම් වූ ආහාර වේලක් අනුගමනය කිරීමට උත්සාහ කරන අය සඳහා කොස් එසේත් නැතිනම් වරකා මස් වෙනුවට ආහාරයට ගතවීමට හැකිවීමත් හේතුවෙන් මෙලෙස කොස් ගෙඩිය සඳහා සෑම වසරකම දිනයක් වෙන් වී ඇත .

රියදුරුට නින්ද යාමෙන් ළමුන් 6ක් රෝහලට..

රියදුරුට නින්ද යාමෙන් ළමුන් 6ක් රෝහලට..

විටමින් සහ ප්‍රතිඔක්සිකාරක වලින්පිරි පළතුරක් වන වරකා දකුණු හා අග්නිදිග ආසියාවේ ඇතැම් රටවල්වලට අවේනික පළතුරකි, නමුත් 1888 වසරට පෙර හවායි දුපත්වලද කොස් ශාකය ව්‍යාප්ත කිරීමට උත්සාහ දරා ඇති බවද සඳහන් වේ .