තත්ත්වය උග්‍ර වෙයි - දිවයින පුරා 5000ට පමණ නඩු පවරයි - තවත් දරුණු වුණොත් රටම අවදානමේ
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන ආකාරයට ඩෙංගු මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර පවත්වාගෙන ගිය 5000ට පමණ මේ වන විට නඩු පවරා ඇත.
ඒ අනුව එම සංගමයේ වැඩ බලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ඉදිරියටත් එවැනි පිරිස් සොයා මෙහෙයුම් සිදු කරන බවයි.
මේ අතර මෙරට ඩෙංගු රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවේ කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වන බවත් පවතින තත්ත්වය පාලනය කිරීමට අපොහොසත් වුවහොත් සමස්ත රෝහල් පද්ධතියම බරපතළ කඩාවැටීමකට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බවටත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.
එසේම ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, මේ වන විට දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති බව සඳහන්.
මේ අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළ පරිදි මේ වසරේ ජුනි 24 වැනි දින වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 48,287 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
එසේම ඊයේ දිනයේදී පමණක් අලුතින් රෝගීන් 757 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ. මෙවැනි පසුබිමක ඩෙංගු රෝගය වළක්වා ගැනීමට සහ පාලනය කිරීමට නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
මේ අතර මීගමුව මහ රෝහලේ ඩෙංගු පාලන මධ්‍යස්ථානයේ නිර්මාතෘ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ඩෙංගු රෝග ව්‍යාප්ත වීමේ නව ප්‍රභේදයක් මෙතෙක් හදුනාගෙන නොමැති බවට සඳහන් කළ බව වාර්තා වේ.