සඟවා තැබූ T56 ජීව උණ්ඩ 50ක් සොයාගනී

Department of Prisons Sri Lanka Law and Order Sinhala news
By Mithu Apr 18, 2025 03:09 AM GMT
Mithu

Mithu

Report

 පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙක් සිදුකළ අනාවරණයක් අනුව T56 ගිනිඅවි සඳහා භාවිත කරන ජීවඋණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් සොයාගැනීමට අතුරුගිරිය පොලීසිය සමත්වී තිබේ.

ලිස්සන ගගෙන් වැටී සා.පෙළ සිසුවා මරුට

ලිස්සන ගගෙන් වැටී සා.පෙළ සිසුවා මරුට

එම සැකකරු ඉකුත් 12 වනදා අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 100ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව සැකකරු රඳවා තබාගැනීමේ නියෝග යටතේ රඳවාගෙන සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත ඊයේ (17) දින මෙම ජීවඋණ්ඩ සහ තියුණු ආයුධය සොයාගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 25ක් වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුගිරිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

නැවැත් වූ චීන ව්‍යාපෘති 76ක් යළි අරඹයි ජනපති කියයි

නැවැත් වූ චීන ව්‍යාපෘති 76ක් යළි අරඹයි ජනපති කියයි

ReeCha