චීනයේ අද අලුයම 5.2ක භූමිකම්පාවකින් දෙදරුම් කයි

Report

චීනයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ගුවාන්සි පළාතේ ලියුනන් දිස්ත්‍රික්කයට අයත් ලියුසෝයු නගරයේ අද අලුයම දේශීය වේලාවෙන් රික්ටර් මාපකයේ 5.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් ඇතිවී තිබේ.

භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශයේ ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර, ගොඩනැගිලි සුන්බුන් අතර පුද්ගලයින් රැසක් සිරවී සිටිය හැකි බවට සැක පළ වෙයි.

සිද්ධිය වූ ස්ථාන වෙත ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇති අතර, ඔවුන් මේ වනවිට සුන්බුන් ඉවත් කරමින් සිරවී සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී.

භූ කම්පනය හේතුවෙන් ජීවිත හානි සිදුවී ඇති බව චීන බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර, තුවාල ලැබූවන් සහ හානියට පත් පිරිස පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් නිකුත් කර නොමැත.

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක් - අමාත්‍යාංශ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක් - අමාත්‍යාංශ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

නව ආදායම් මාර්ග මතුවෙන කිරි පැණියෙන් උතුරන අද ලග්න පලාපල

නව ආදායම් මාර්ග මතුවෙන කිරි පැණියෙන් උතුරන අද ලග්න පලාපල