සහරා කාන්තාරය මැද ට්‍රක් රථයක් කැඩී 49ක් පිපාසයෙන් මිය යයි

Report

සහරා කාන්තාරය හරහා ධාවනය වෙමින් තිබූ බරවාහන ට්‍රක් රථයක් හදිසියේම දරුණු කාර්මික දෝෂයකට ලක්වී දින ගණනාවක් පාළු කාන්තාරයේ අතරමං වීම නිසා, එහි ගමන් ගත් මගීන් 49කු දැඩි පිපාසය සහ අධික උණුසුම දරාගත නොහැකිව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

කාන්තාරයේ වැලි අතර තිබී ඔවුන්ගේ දේහයන් ඊයේ දින සොයාගත් බව විදෙස් මාධ්‍ය නිල වශයෙන් වාර්තා කරයි.

මාලි සහ ඇල්ජීරියා දේශසීමාව ආසන්නයේ පිහිටි අසමකා ප්‍රදේශයේ සිට කිලෝමීටර් අසූවකට වඩා බටහිර දෙසින් වූ දුරස්ථ කලාපයකදී මෙම ට්‍රක් රථය කාර්මික දෝෂයකට ලක්ව මෙලෙස නතර වී ඇත.

රටම කළඹපු මීගොඩ දන්සල් අනතුරට කැබ් රථ හිමිකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

රටම කළඹපු මීගොඩ දන්සල් අනතුරට කැබ් රථ හිමිකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

මියගිය සියලු දෙනා නයිජීරියානු ජාතිකයින් වන අතර, ඔවුන් මාලි රාජ්‍යයේ පැවැති විශේෂ ආගමික උත්සවයකට සහභාගී වී නැවත සිය රට බලා පැමිණෙමින් සිටියදී මෙම බිහිසුණු ඛේදවාචකයට මුහුණ පා තිබේ.

කෙසේ නමුත් මෙම මාරාන්තික අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු පමණක් පුදුම සහගත ලෙස සිය දිවි බේරා ගැනීමට සමත්ව ඇත.

ඔවුන් ජලය සහ උපකාර සොයා දැඩි සූර්ය රශ්මිය හමුවේ කිලෝමීටර් පනහකට වඩා වැඩි දුරක් පා ගමනින්ම ගමන් කර, පසුව අසමකා නගරය වෙත ළඟා වී තිබේ.

මැදපෙරදිග යුද්ධයේ දරුණුතම බැටය ලංකාවට, ඇෆ්ගනිස්තානයට සහ සෝමාලියාවට - ලෝක ආහාර වැඩසටහනෙන් භයානක අනාවරණයක්

මැදපෙරදිග යුද්ධයේ දරුණුතම බැටය ලංකාවට, ඇෆ්ගනිස්තානයට සහ සෝමාලියාවට - ලෝක ආහාර වැඩසටහනෙන් භයානක අනාවරණයක්

ඔවුන් විසින් එරට බලධාරීන්ට ලබා දුන් තොරතුරුවලට අනුව වහාම ක්‍රියාත්මක වූ නයිජීරියානු සහන කණ්ඩායම් අදාළ ස්ථානයට ළඟා වී ඇත.

එහිදී නතර වී තිබූ ට්‍රක් රථය තුළ සහ ඒ අවට විසිරී තිබූ මළසිරුරු සොයාගත් අතර, දිවි බේරාගත් අයගේ සහයෝගය ඇතිව මියගිය 49දෙනාගේ දේහයන් එම ස්ථානයේදීම නිසි පරිදි භූමදාන කිරීමට සහන කණ්ඩායම් සහ බලධාරීන් පියවර ගෙන තිබේ.