ගොවීන්ගේ වගා වියදම අඩු කිරීමට නව පියවරක් - ගොවීන් 48 දෙනෙකුට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් වාරිමාර්ග පහසුකම්

Report

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරන SMART Irrigation System Project වැඩසටහන යටතේ ගොවීන්ගේ වගා කටයුතු සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප සහ ඒ ආශ්‍රිත වාරිමාර්ග පහසුකම් ලබාදී ඇති බව කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.

මෙම ව්‍යාපෘතිය යටතේ කුච්චවේලි, නිලාවේලි, මුතූර්, වාන්ඇල, කින්නියා, සාම්පූර් සහ පදවි ශ්‍රීපුර ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අයත් ගොවීන් 48 දෙනෙකු ප්‍රතිලාභ ලබා තිබේ.

පාසල් නිවාඩු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් - නිවාඩු දිනයන් සහ පාසල් යළි ඇරඹෙන දිනය මෙන්න

පාසල් නිවාඩු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් - නිවාඩු දිනයන් සහ පාසල් යළි ඇරඹෙන දිනය මෙන්න

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර බොහෝ ගොවීන් වගා බිම් සඳහා ජලය ලබාගැනීමට ඩීසල්, භූමිතෙල් හෝ විදුලි බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප භාවිත කළ අතර, ඉන්ධන සහ විදුලි වියදම්, නඩත්තු ගැටලු සහ ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැතිවීම හේතුවෙන් වගා කටයුතු සීමා වී තිබූ බව අමාත්‍යාංශය සඳහන් කරයි.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප ලබාදීමෙන් අනතුරුව ගොවීන්ට අවශ්‍ය ජලය නියමිත පරිදි සහ පහසුවෙන් ලබාගැනීමට හැකි වී ඇති අතර, ඉන්ධන සහ විදුලි වියදම් අවම කරමින් නිෂ්පාදන පිරිවැය පාලනය කිරීමටද අවස්ථාව ලැබී ඇත.

එමෙන්ම, පෙර වගා නොකළ ඉඩම් වගාවට එක් කිරීම සහ වගා කටයුතු වඩාත් සැලසුම් සහගතව සිදු කිරීම ද මේ හරහා පහසු වී තිබේ. නිලාවේලි ප්‍රදේශයේ ප්‍රතිලාභීන් පෙන්වා දෙන්නේ මෙම පද්ධතිය හේතුවෙන් ජල සැපයුම පහසු වී ඇති අතර, කෘෂිකාර්මික නිෂ්පාදන වියදම් ද සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි.

කින්නියා ප්‍රදේශයේ ගොවීන් ද සඳහන් කර ඇත්තේ, සූර්ය බල ජල පොම්ප භාවිතයෙන් ඉන්ධන හා විදුලි වියදම්වලින් තොරව රටකජු, මඤ්ඤොක්කා, වම්බටු ඇතුළු විවිධ බෝග සාර්ථකව වගා කිරීමට හැකි වී ඇති බවයි.

උසස් පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක් - ආපදා දැනුම්දීමට දුරකථන අංක 5ක්

උසස් පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක් - ආපදා දැනුම්දීමට දුරකථන අංක 5ක්

එමෙන්ම, වාන්ඇල සහ සාම්පූර් ප්‍රදේශවල ගොවීන්ගේ අදහස් අනුව මෙම පහසුකම මඟින් වගා බිම් පුළුල් කිරීම, විවිධ බෝග වගා කිරීම සහ වගා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සැලකිය යුතු සහයක් ලැබී තිබේ.

SMART Irrigation System Project සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට හෝ සේවා පිළිබඳ විමසීම් සඳහා අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානය හෝ ත්‍රිකුණාමලය ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලය සමඟ සම්බන්ධ වන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම් දෙයි.

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න