දේශපාලකයින් 45කට ලැබුණ දඬුවම.. අවුරුදු 10කටම..
By krishani
හොංකොං රජයේ විපක්ෂයේ දේශපාලනඥයින් 45 දෙනෙකුට දැඩි දඬුවම් ලබා දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට දැඩි විවේචනයට ලක් ව ඇත.
ඒ අනුව නගරයේ ජාතික ආරක්ෂක නීතිය යටතේ රාජ්‍ය බලය යටපත් කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හොංකොං විපක්ෂ දේශපාලනඥයින් 45 දෙනෙකුට සිර දඬුවම් නියම කිරීම ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් හෙළා දැක ඇති බව සඳහන් වේ.
මෙම දේශපාලනඥයින්ට දස වසර බැගින් වූ සිර දඬුවම් නියම කිරීමට එරෙහිව මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ අධ්‍යක්ෂ සාරා බෲක්ස් පැවසුවේ මෙම දේශපාලන අභිප්‍රේරිත නඩුවේ වරදකරු වූ කිසිවෙක් සිරගෙදර දවසක් හෝ ගත නොකළ යුතුය යන්නයි.