මේ අංශයට ඉන්ධන ලීටර් හාරලක්ෂයක් බෙදා හැරීමක් ගැන ආරංචියක්
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ සංචාරක අංශය නංවාලීම සඳහා ලියාපදිංචි සංචාරක වාහන ක්‍රියාකරුවන්ට ඉන්ධන ලීටර් හාරලක්ෂයක් බෙදා හැර ඇති බවයි.
එම නිවේදනයේ සදහන් වන ආකාරයට ඉන්ධන බෙදා හැරීම නියාමනය කිරීම සඳහා හඳුන්වා දුන් විශේෂ ඉන්ධන කේත පද්ධතියක් යටතේ ඉන්ධන බෙදා හැර ඇති අතර ඩීසල් සහ පෙට්‍රල් යන වර්ග දෙකම ඇතුළත් වන බවයි.
වැඩිදුරටත් එම නිවේදනයේ සදහන් වන්නේ හෝටල්වල අවශ්‍යතා සඳහා අමතර ඉන්ධන ද වෙන් කර ඇති බවයි.