ආයෙත් උඩ ගිය රත්තරන් - මෙන්න ලංකාවේ අද රන්මිල
ජාත්‍යන්තර වෙළඳපොලේ රන් හා රිදී මිල ගණන් අද (2026.03.29) දැවැන්ත වැඩිවීමක් වාර්තා කර ඇත. ඒ අනුව, රන් අවුන්සයක් ඩොලර් 4,493.79 ට අලෙවි වේ. ඒ සමඟම, රිදී අවුන්සයක් අද ඩොලර් 69.77 ට අලෙවි වේ.
පසුගිය දින කිහිපය තුළ දේශීය වෙළඳපොලේ රන් මිල උච්චාවචනයන් සමඟ දක්නට ලැබුණි. විශේෂයෙන්, ස්වර්ණාභරණ රන් මිල වෙනස් වනු ඇතැයි අපේක්ෂා කරන බව ආර්ථික විද්‍යාඥයෝ පවසති.
ඒ අනුව ශ්‍රී ලංකාවේ රන්මිල පහත දැක්වේ. කැරට් 24 රන් ග්රෑම් 1ක මිල රු.45,520ක් වන අතර කැරට් 22 රන් ග්රෑම් 1ක මිල රු.41,720ක් වේ.
ඒ අනුව කැරට් 24 රන් පවුමක් රු.364,160ක් පමණ වන අතර කැරට් 22 රන් පවුමක මිල රු.333,760ක් පමණ වේ.