අම්මෙකුට මෙහෙමත් කරන්න පුළුවන්ද..කොත්මලේ ජලාශයේ සැඟව ගිය සිව් හැවිරිදි දරුවා සොයා ගැනේ..!
පවුල් ආරවුලක් හේතුවෙන් අවු 04 ක් වයසැති සිය දරුවා සමග සියදිවි හානි කර ගැනිම සදහා ඉහල කොත්මලේ ජලාශය පැන්න කාන්තාව ප්‍රදේශවාසින් විසින් බේරාගෙන ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර, අතුරුදහන්ව සිටි සිව් හැවිරිදි දරුවාගේ සිරුර සොයා (17) දින තලවකැලේ පොලිසිය සහ ඉහල කොත්මලේ ජලාශයේ ආරක්ෂක අංශ නිලධාරින් එක්ව සිදු කල මෙහෙයුමේදි දරුවාගේ සිරුර ජලාශයේ තිබි සොයාගෙන ඇත.
මෙසේ ජලාශයේ තිබි සොයාගනු ලැබුවේ දිනේෂ් හම්සින් නැමති අවු 04 වයසැති පිරිමි දරුවෙකුගේ සිරුරයි. තලවකැලේ දෙව්සිරිපුර ප්‍රදේශයේ පදිංචි අවු 41 වයසැති කාන්තාව සිය සැමියාගෙන් වෙන් වි පුඩළුඔය ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග වාසය කර ඇති බවත්, පසුව එම අනියම් සැමියා වෙනත් විවාහයක් සිදු කර ගැනිම සම්බන්ධයෙන් සිත් තැවුලට පත් කාන්තාව (16) දින පස්වරුවේ ඉහල කොත්මලේ ජලාශය වෙත පැමිණ තලවකැලේ දුම්රිය පාලම මතින් ජලාශයට පැන ඇත.
කාන්තාවක් දරුවෙකු සමග ඉහල කොත්මලේ ජලාශයට පනින අයුරු දුටු ප්‍රදේශවාසින් ඒ පිලිබදව තලවකැලේ පොලිසිය වෙත දැනුම් දි පසුව ජලාශයේ ගිලෙමින් සිටි මව ප්‍රථමයෙන් බේරාගෙන ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඇය වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
ජලාශයේ තිබි සොයාගත් දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලිසිය පැවසිය. අනියම් සැමියා සහ ජලාශයට පැන්න කාන්තාව අතර පවුල් ආරවුලක් සම්බන්ධයෙන් තලවකැලේ සහ පුඩළුඔය පොලිසියේ පැමිණිලි කිහිපයක්ද විභාග කර ඇති බවද පැවසේ.(උපුටාගැනීමක්)
……………………………………………………………………………
You may like this video 👇