ඥානසාර හිමියන්ට වසර 4ක සිරදඬුවමක්. - අද ලැබුණු විශේෂ තීන්දුව මෙන්න. - (VIDEO/UPDATE)

Supreme Court of Sri Lanka
By Wayomi Mar 28, 2024 05:42 AM GMT
Wayomi

Wayomi

Report

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙනවා.

ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවත්වා තිබුනා.