කාන්තාවකට පහර දුන්නාට අත්තඩංගුවට ගන්න ආපු පොලිසියට කරලා තියන දෙයක්..

By Piyumika Sep 18, 2024 08:06 AM GMT
Report

බීමතින් පැමිණි පිරිසක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ කාන්තාවකට පහරදුන් බවට ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සැරයන්වරයකුට පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් තිදෙනකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි.

අනේ මෙහෙමත් සැමියෙක් ..මේ වගේ කතාවක් නම් අත්තා මුත්තාගේ කාලේවත් අහල නැතුව ඇති..

අනේ මෙහෙමත් සැමියෙක් ..මේ වගේ කතාවක් නම් අත්තා මුත්තාගේ කාලේවත් අහල නැතුව ඇති..

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 19,23 සහ 30 වයස්වල පසුවන කුඹුගොඩ ආර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි සිවු දෙනකු බව පොලිසිය පවසයි. ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටියදී පිරිසක් කාන්තාවකට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලද පැමිණිල්ලකට අනුව එම ස්ථානයට ගොස් තිබේ.

මෙහෙම කතාවක් නම් කිසිම බිරිදකට කවදාවත්ම අහන්න ලැබෙන්න එපා...

මෙහෙම කතාවක් නම් කිසිම බිරිදකට කවදාවත්ම අහන්න ලැබෙන්න එපා...

එහිදී එම නිවෙස ඉදිරිපිට සිටි සැකකරුවන්ට ප්‍රකාශයක් ලබාදීම සදහා පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙසට දැනුම් දුන්නද එම අවස්ථාවේ බීමතින් සිටි සැකකරුවන් පොලිස් ස්ථානයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය පවසයි

අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ත්‍රිරෝද රථයට නංවා ගැනීමට යාමේදී සැකකරුවන් විසින් පොලිස් සැරයන්වරයකුට පහරදී අත්අඩංගුවෙන් මිදී පලායාමට උත්සාහ කර ඇත.

සිගිත්තෙකුට දිවි අහිමි කල මාරක රිය අනතුර..

සිගිත්තෙකුට දිවි අහිමි කල මාරක රිය අනතුර..

එහිදී සැකකරුවන් සිවු දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.