ලොවක් කම්පා කළ විරෝධතා මැද පෙරළුණු නේපාලයේ අගමැති පුටුවට 4 දෙනෙක් සටන් වඳී
මාධ්‍ය මර්දනය හේතුවෙන් Gen Z තරුණ ප්‍රජාව මඟින් රටේ බල පෙරළියක් ඇති කළ නේපාලයේ ප්‍රථම කාන්තා අගවිනිසුරුවරිය වූ සුෂිලා කාර්කි එරට භාරකාර ආණ්ඩුවේ නව අගමැති වශයෙන් අද දිනයේ දිවුරුම් දෙනු ඇති බවට අනුමාන කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව සිව් වන දිනටත් අද දිනයේදී ඇඳිරි නීතිය පනවා තිබෙන නේපාලයේ අගමැති ෂර්මා ඕලි මිට දින 2කට ඉහත දී ඉල්ලා අස් වී තිබෙනවා.
එසේම ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණවල ප්‍රතිඵිලයක් වශයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වනවිට 51 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
එමෙන්ම තුවාල ලැබූ සංඛ්‍යාව 1,500 කට අධික බව වාර්තා වේ.
කෙසේ වෙතත් නේපාල තරුණ ප්‍රජාව ChatGPT ඡන්දයෙන් නව අගමැති තනතුරට තෝරාගත් නම් අතර ඉදිරියෙන්ම සිටියේ ගායක, කත්මණ්ඩ නගරාධිපති බාලෙන් ෂායි වේ.
එහෙත් බාලෙන් ෂාද ඇයව අගමැති පදවියට අනුමත කර ඇති බව සඳහන්. මේ අනුව තරගකරුවන් 4 දෙනෙක් නව අගමැති ධුරයට නම් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් පත්වන නව අගමැතිවරයා ප්‍රචණ්ඩකාරී අරගලකරුවන්ගේ ඉල්ලීම් සපුරාලමින් නව මැතිවරණයක් පැවැත්වීමට නියමිත බවයි අඳාළ වාර්තා දක්වන්නේ.
මේ අතර ජනාධිපති මන්දිරයේදී සාකච්ඡාවට සහභාගී වූ නිලධාරියෙකු ජනාධිපති පෝඩෙල් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අකමැති බව සඳහන් කර ඇත.
එසේ වුවද කර්කි විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන කෙනෙකු පාර්ලිමේන්තුව පවතින අතරතුර අගමැති වශයෙන් පත් කළ නොහැකි හෙයින් පළමුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට තර්ක කර ඇත.
එමෙන්ම ආණ්ඩු විරෝධී විරෝධතා මෙහෙයවූ Gen Z කණ්ඩායමේ නියෝජිතයින් ඇතුළු විවිධ පාර්ශවකරුවන් අතර සාකච්ඡා ඊයේ රාත්‍රි, අද අලුයම සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වූ බව ද සඳහන්.
තරුණ නායකත්වයෙන් යුත් Gen Z කණ්ඩායම නව අගමැති ධුරය වෙනුවෙන් කාර්කිගේ නම යෝජනා කළ බවට ද ඇතැම් ආරංචි මාර්ග පවසයි.
පෙරේදා දිනයේ විරෝධතා පැන නැගුණේ Gen-Z විරෝධතාකරුවන් කණ්ඩායම් ඇයගේ නාමයෝජනාව පිළිබඳව ගැටුම් ඇති කර ගැනීමත් සමඟයි.
එහිදී එක් කණ්ඩායමක් කාර්කිට ඇය ඉන්දියාවට හිතවත් යැයි චෝදනා කරමින් ඇයව අපේක්ෂිකාවක් වශයෙන් පිළිගැනීම ප්‍රතික්ෂේප කළ අතර තවත් කණ්ඩායමක් ඇයගේ නාමයෝජනා සඳහා පෙනී සිටින බව දක්නට ලැබේ.
එසේම අන්තර්කාලීන අගමැති ධුරයට ප්‍රධාන තරඟකරුවන් 4 දෙනා වන්නේ සුෂීලා කාර්කි, බාලෙන් ෂා, කුල්මන් ඝිසින්ග් සහ හර්කා සම්පං යන පුද්ගලයන්.
මේ අතර රටේ පාලන බලය අතට ගෙන සිටින හමුදාව සඳහන් කරන්නේ මෙම දේශපාලන අර්බුදය විසඳීම සහ නීතිය හා සාමය පවත්වා ගැනීම තම ප්‍රමුඛතාවය බවයි.
අගමැති ධුරයට ප්‍රමුඛයෙකු වශයෙන් සැලකෙන බාලේන්ද්‍ර ෂාහෙවත් 'බාලෙන් දායි', කත්මණ්ඩු නගරාධිපති වීමට පෙර කර්ණාටකයේ අධ්‍යාපනය ලබා ඇත.
‘මහා නේපාල’ ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකු වන ඔහු, උතුරු ඉන්දියානු ප්‍රාන්ත පහක් නේපාලයට යළි ලබා දිය යුතු යැයි කියා සිටින අයෙක් බව ද සඳහන්.
එසේම ඉන්දීය රජයේ ඇතැම් ප්‍රතිපත්ති විවේචනය කර සිටි අයෙක් වේ.
එහෙත් පුදුමයට කරුණක් නම්, ඔහු තම උසස් අධ්‍යාපනය සඳහා ඉන්දියාවට ගොස් වසර දෙකකට වැඩි කාලයක් එහි වාසය කර තිබීමයි.
එසේම මෙම 35 හැවිරිදි දේශපාලනඥයා බැංගලූරුවේ නිට්ටේ මීනක්ෂි තාක්ෂණ ආයතනයෙන් ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ එම්.ටෙක්. පාඨමාලාවක් හදාරා ඇත.
ඔහු පහුගිය 2016 දී මෙම පාඨමාලාව සම්පූර්ණ කළ අතර එම විද්‍යාලය එවකට බෙලගාවි හි වී.ටී.යූ. අනුබද්ධිතව පැවත ඇත.
එය දැන් මැංගලෝර්හි නිට්ටේ සම්මත විශ්වවිද්‍යාලයට අනුබද්ධිත බව සඳහන්.
මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තාවල පොප් සංගීතඥයෙකු වන බාලෙන් දායි, කත්මණ්ඩු හි හිමාලයානු වයිට්හවුස් ජාත්‍යන්තර විද්‍යාලයෙන් බී.ඊ. උපාධිය ලබා තිබෙන බව දැක්වේ.
එසේම බස් රථ සහ පෞද්ගලික වාහන 100 ක් පමණ නේපාලයේ සිට වන්දනාකරුවන් ගයා වෙත ගෙනැවිත් ඇත.
අඳාළ වාර්තාවල දැනටමත් සියලුම බස් රථ සේවා අවලංගු කර ඇති බව දැක්වේ.
එරට වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ වන්දනාකරුවන් 30,000 කට ආසන්න සංඛ්‍යාවක් ගයා හි සිරවී සිටින බවත් බොහෝ දෙනෙක් බිය නිසා යළි නේපාලයට යාමට අකමැති බවයි.