ඇඳිරි නීතිය බිඳිමින් නේපාලයේ Gen Z ගිනි තබයි - දේශපාලකයින්ගේ නිවාස ගිනිබත්

Report

නේපාලයේ පැවැත්වෙන විරෝධතා අතරතුර, ‘Gen Z' විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තු අසල පිහිටි අගමැති ගොඩනැගිල්ලට ගිනි තබා තියෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇඳිරි නීතිය බිඳිමින් නේපාලයේ Gen Z ගිනි තබයි - දේශපාලකයින්ගේ නිවාස ගිනිබත් | Nepal Parliament Set On Fire

මෙම විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩා වැදී, පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි එක් ගොඩනැගිල්ලකට මෙලෙස ගිනි තබා ඇති බවයි සඳහන් වන්නේ.

මෙම විරෝධතාවලදී, කත්මන්ඩු අගනුවර විරෝධතාකරුවන් විසින් රජයේ කාර්යාල, බක්තපූර්හි බෝල්කොට් පිහිටි අගමැති කේ.පී. ශර්මා ඔලිගේ පෞද්ගලික නිවස, හිටපු අගමැතිවරුන් වන පුෂ්පා කමල් දහල් සහ ෂෙර් බහදූර් ඩියුබාගේ නිවාස, එසේම සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ඇමති ප්‍රිත්වි සුබ්බා ගුරුංගේ නිවස ගිනිබත් කිරීම ඇතුළු බරපතළ ප්‍රහාර සිදුකර ඇත.

ඇඳිරි නීතිය බිඳිමින් නේපාලයේ Gen Z ගිනි තබයි - දේශපාලකයින්ගේ නිවාස ගිනිබත් | Nepal Parliament Set On Fire

කත්මණ්ඩු පෝස්ට් වාර්තාවට අනුව, විරෝධතාකරුවන් විසින් ඇමතිවරුන්ගේ නිවෙස්වලට එල්ල කළ ප්‍රහාර මධ්‍යයේ, නේපාල හමුදාව හෙලිකොප්ටර් මගින් ඇමතිවරුන් ඔවුන්ගේ නිවෙස්වලින් ආරක්ෂිතව ඉවත් කිරීම ආරම්භ කර ඇත. ඉහළ පෙළේ නිලධාරීන්ට හමුදා බැරැක්කවල ආරක්ෂාව සැපයෙන අතර, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හමුදාව යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් පවසයි.

ඔලිගේ ඉල්ලා අස්වීමත් සමග, ජනාධිපති රාම් චන්ද්‍ර පෞඩෙල්, නව රජයක් පිහිටුවීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව ඔහුගේ සහායකයෙකු රොයිටර් පුවත් සේවයට තහවුරු කළේය.

ඇඳිරි නීතිය බිඳිමින් නේපාලයේ Gen Z ගිනි තබයි - දේශපාලකයින්ගේ නිවාස ගිනිබත් | Nepal Parliament Set On Fire

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76(2) වගන්තිය යටතේ, සැප්තැම්බර් 12 සිට 14 දක්වා දේශපාලන පක්ෂවලට රජයක් පිහිටුවීමට ඉල්ලුම් ඉදිරිපත් කිරීමට කාලය ලබා දී ඇත.

ලංකාවද, නේපාලයේ සිදුවීම් සමීපව නිරීක්ෂණය කරමින්, මියගිය තරුණයින් වෙනුවෙන් ශෝකය පළ කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, පොලිසිය විසින් විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය බලපෑම් භාවිතා කළ බවට චෝදනා කරමින්, විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් ඉල්ලා සිටියහ.

මේ අතර, රට පුරා පවතින අඛණ්ඩ දූෂණ විරෝධී විරෝධතා මධ්‍යයේ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ද ඉල්ලා අස් වී තිබෙනවා.

නේපාලයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමට අපොහොසත් වීම හේතුවෙන්, Facebook, YouTube ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26 ක් නේපාලය තුළ ක්‍රියාත්මක කිරීම පසුගියදා තහනම් කිරීමට නේපාල රජ්ය විසින් පියවර ගෙන තිබූ අතර ‘Gen Z’ විරෝධතාකරුවන් ඊට එරෙහිව විරෝධතා ආරම්භ කර තිබුණා.