අති බිහිසුණු මාරක රිය අනතුරු වලින් පුද්ගල ජීවිත 4ක් බිලි ගැනේ..
ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගල මරණ 04ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ඊයේ (28) පස්වරුවේ දී කටුගස්තොට, වට්ටාරම්තැන්න ධර්මරාජා පිරිවෙන අසල දුම්රිය මාර්ගයේදී මාතලේ සිට මහනුවර දක්වා ගමන් කළ මගී ප්‍රවාහන දුම්රියක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස මියගොස් ඇත්තේ, 47 හැවිරිදි වියෙහි පසු වූ වටපුළුව ප්‍රදේශයෙහි පදිංචිකරුවෙක්.
එමෙන්ම කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල ප්‍රදේශයේ දී මාර්ගය අයිනේ ගමන් කළ කාන්තාවක් නුවර දෙසට වේගයෙන් ධාවනය වූ වාහනයක ගැටී බරපතළ තුවාල ලබා, රෝහලට රැගෙන යාමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරෙන් පසුව අදාළ රථය පලා ගොස් ඇති අතර, සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 56 හැවිරිදි නුගවෙලවත්ත ප්‍රදේශයේ තැනැත්තියක්. අනතුර සිදු කර පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට නිට්ටඹුව පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරනවා.
මේ අතර, පනාමුර - සූරියකන්ද, ඇඹිලිපිටිය මාර්ගයේ ගලමඩ හන්දිය අසල දී ඇඹිලිපිටිය සිට පනාමුර දෙසට ධාවනය වූ ගිලන්රථය දැක, යතුරුපැදිය වම්පසට ගැනීමට තිරිංග යෙදීමේ දී එය මාර්ගයේ ලිස්සා ගොස්, ඉදිරියෙන් ආ ගිලන් රථයෙහි ගැටී අනතුරක් සිදු වුණා.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු රෝහල්ගත කිරීමෙන් පසු ඉන් පසුපැදිකරු ජීවිතක්ෂයට පත් වූ අතර, එලෙස මිය ගියේ, කොලොන්න ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි තැනැත්තියක්.
එමෙන්ම ඊයේ (28) දිනයේ අතුරුගිරිය, මාලඹේ ප්‍රධාන මාර්ගයේ අධිවේගී ගුවන් පාලම මත දී මාලඹේ දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වූ හමුදා ට්‍රක් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් එකිනෙක ගැටී එහි පැමිණි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 39ක් වූ දකුණු තලංගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, අනතුරට හේතුව වී ඇත්තේ, යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය බවයි පොලිස් විමර්ශනවල දී හෙළි වී ඇත්තේ. කෙසේ වෙතත් හමුදා ට්‍රක් රථය ධාවනය කළ පුද්ගලයා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |