මාලඹේ නිවසක අභිරහස් ලෙස මියගිය සිරුරු 4ක්.
By Wayomi
අද (31) අලුයම මාලඹේ කහන්තොට පාර ප්‍රදේශයේ නිවසක එකම පවුලේ සිව්දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
එලෙස මව පුතුන් දෙදෙනකු සහ දියණියගේ සිරුරු පොලිසිය විසින් සොයා ගැනුණු අතර එම සිරුරු මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට රැගෙන ගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.
පොලිස් ආරංචි මාර්ග වලට අනුව මියගිය මව 35 හැවිරිදි වියේ පසුවන අතර පුතුගේ වයස අවුරුදු 10ක්, දියණියගේ වයස අවුරුදු 9ක් බවයි සඳහන් වන්නේ.

මේ අතර එම පවුලේ පියා ද ඉකුත් 28 වන දින මියගොස් ඇති අතර ඊයේ (30) අවසන් කටයුතු සිදු කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.
කෙසේ වෙතත් මෙලෙස අභිරහස් ලෙස සිදුව ඇති මරණ සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.