රටම බලා සිටි පෙරහැර නවතී.. දෙවිනුවරට වගේම පෙරහර කමිටුවේ සාමාජිකයන්ට පාතාලෙන් තර්ජන

Report

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකුගේ මත ගැටුමක් නිසා අම්බලන්ගොඩ, මෝදර දේවාලයේ පැවැත්වීමට නියමිත 83 වන ඇසළ පෙරහැර මංගල්‍යය සංවිධානය කිරීමෙන් වැළකී සිටීමට එහි සංවිධායකවරුන් තීරණය කර ඇති බව වාර්තා වේ.

සෑම වසරකම අගෝස්තු මාසයේදී මෙම පෙරහර දිවා සහ රාත්‍රී පෙරහර ලෙස පැවැත් වේ.

මේ අතර ඉකුත් වසරේ නොවැම්බර් 4 වැනි දින අම්බලන්ගොඩ නගර සභාව අසලදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මෙම දේවාලයේ දේවාල කමිටුවේ හිටපු සභාපතිවරයා ඝාතනයට ලක්ව තිබුණා.

එසේම දේවාලයේ කපුවා වශයෙන් කටයුතු කළ අයව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් අතර, ඔහුගේ බැංකු ගිණුම් හරහා රුපියල් මිලියන 330 කට වඩා අධික මුදලක් සංසරණය වී ඇති බවට ද හෙළිව තිබුණා.

හෙට සිට දින 11ක් මේ සියලුම සුරාසැල් වැසෙයි - විශේෂ නිවේදනයක්

හෙට සිට දින 11ක් මේ සියලුම සුරාසැල් වැසෙයි - විශේෂ නිවේදනයක්

එසේම මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන ලොකු පැටී නැමැත්තාගේ මුදල් සහ මූල්‍ය කටයුතු කළමණාකරණය කර ඇත්තේ මොහු විසින් බවට අනාවරණය වී ඇත.

එවැනි පසුබිමක පොලිසිය සඳහන් කළේ පෙරහර සම්බන්ධයෙන් ක්‍රියා නොකරන ලෙස පෙරහර කමිටුවේ සාමාජිකයන්ට ද දුරකථන ඔස්සේ තර්ජන එල්ල වී ඇති බවයි.

අඳාළ තර්ජන හේතුවෙන් දේවාල කමිටුවේ ලේකම් සහ උපලේකම් ඇතුළු සාමාජිකයින් ප්‍රදේශයෙන් බැහැරව සිටින අතර, එක් අයෙකු විදේශගතවී ඇති බව ද වාර්තා වේ.

මේ අතර පොලිසිය ප්‍රකාශ කළේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින "ලොකු පැටී" නමැති සංවිධානාත්මක අපරාධකරු සහ මෙරටින් පලාගොස් සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දා අතර පවතින මත ගැටුමක් මෙම පෙරහර පැවැත්වීමට බාධා එල්ල වී ඇති බවයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අනිවාර්ය නිවාඩු යවයි - හේතුව මෙන්න

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අනිවාර්ය නිවාඩු යවයි - හේතුව මෙන්න

ඉකුත් දා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් තර්ජනාත්මක හඩපට නිකුත් කිරීම හේතුවෙන් සීනිගම දේවාලයේ පෙරහර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් ද සංවාදයක් මතු විය.

අනතුරුව දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයයේ කාවඩි නර්තනය පැවැත්වීමට ආරක්ෂක අංශ පියවර ගැණුනි.

මේ අතර, ඩුබායි සිට මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබාදී ඇත.  

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි