වසර දහයට වැඩ වර්ජන 386ක්.රජයට පාඩුව කෝටි 300ක්

Government Employee Government Of Sri Lanka Sinhala news
By Mithu May 04, 2025 02:01 PM GMT
Mithu

Mithu

Report

රට පුරා කෙරුණු වැඩවර්ජන වලින් පසුගිය වසර දහයක කාලයේදී රුපියල් කෝටි 300කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි අලුත්ම සංඛ ලේඛනවලින් පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝර මහතා පැවසීය.

දේශීය වෙළඳපොළේ රන් මිලට වෙච්චදේ..

දේශීය වෙළඳපොළේ රන් මිලට වෙච්චදේ..

එම කාල සීමාවේදී වැඩ වර්ජන 386ක් සිදුවී ඇති බවත් ඒ වැඩ වර්ජන වලින් ශ්‍රම දින හය ලක්ෂ හැට දෙදහස් තුන්සිය අසූඅටක් රටට අහිමිව ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.

එම වැඩ වර්ජන වලට සම්බන්ධ වී ඇති සේවකයන් සංඛ්‍යාව එක් ලක්ෂ පහළොස් දහස් තුන්සිය පනස් හයක් බව පවසන වසන්ත අතු කෝරළ මහතා වැඩිම වැඩ වර්ජන සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ 2018 වර්ෂයේදී බවද ප්‍රකාශ කළේය.

සජිත්ට වැඩ නම්, මැයි රැළියට එන්නේ නැතුව ඉන්න ඕනේ

සජිත්ට වැඩ නම්, මැයි රැළියට එන්නේ නැතුව ඉන්න ඕනේ

එම වර්ෂයේදී සිදුවී ඇති වැඩ වර්ජන ගණන 51 ක් බව හෙතෙම සඳහන් කළේය. අධ්‍යාපනය සෞඛ්‍ය වතු ප්‍රවාහන ඇඟලුම් යනාදී ක්ෂේත්‍රවල වැඩිම වැඩ වර්ජන ප්‍රමාණයක් සිදුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. ලංකාවේ දැනට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති සංඛ්‍යාව 2122කි.

ReeCha