රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන මෘදුකාංගයේ නඩත්තු සහ සේවා වෙනුවෙන් කෝටි 33 1/2ක් අතාර්කිකව වියදමක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා භාවිතා වන පරිගණක මෘදුකාංග පද්ධතියේ නඩත්තුව සහ සේවා සඳහා 2023 සහ 2024 වර්ෂවලදී රුපියල් මිලියන 335.1ක (කෝටි 33.5) අසාමාන්‍ය මුදලක් වැය කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාවෙන් හෙළි වී ඇත.
මෙම නඩත්තු හා සේවා කටයුතු නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව පුද්ගලික සමාගමකින් ලබාගෙන ඇති බවත්, 2023 දී රුපියල් මිලියන 154.1ක් සහ 2024 දී රුපියල් මිලියන 181ක් මෙම කටයුතු සඳහා අතිවිශාල ලෙස වැය කර ඇති බවත් වාර්තාවේ සඳහන් ය.
මෙම දත්ත පද්ධතිය සරල එකක් වන අතර, එහි නඩත්තු හා සේවා කටයුතු ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව, මෘදුකාංගයේ නිර්මාණකරුවන් සමඟ කිසිදු සම්බන්ධතාවක් නැති ආයතනයකට ඉහළ පිරිවැයකින් ලබාදීමට හේතු වූ කරුණු ලේඛනගතව නොමැති බවත් වාර්තාවෙන් හෙළි වේ.