ලංකාවේ භූමියෙන් 30%කටම වෙන්න යන දේ - භයානක අවදානමක්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන ආකාරයට දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටු තත්ත්වයේ බලපෑමෙන් මේ වන විට මෙරට දිස්ත්‍රික්ක 14 ක නායයෑම් සිදුවිය හැකි ප්‍රදේශ හඳුනාගෙන ඇත.
එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේ මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් 30%කම නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති බවයි.
එසේම ඊසානදිග මෝසම් තත්ත්වය නිසා ඉදිරි පැය 36 තුළ උතුරු පළාත ඇතුළු පළාත් හයකට තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මේ අතර දිවයිනේ ස්ථාන කිහිපයකම ජලාශවල වාන් දොරටු දැනටමත් විවෘත කර ඇති බව සඳහන්.
ඒ අනුව කලා වැව වාන් දොරටු දෙක අඩි 2 බැගින් විවෘත කර ඇති අතර, කලා වැවෙන් කලා ඔයට තත්පරේට ඝන අඩි 2,014ක් පමණ ජලධාරිතාවක් මුදා හැරෙන බව වාර්තා වේ.