ඔයා දන්නවද සහල් වලින් ඔයාට ලස්සන වෙන්නත් පුළුවන්
ඔයා නිකමටවත් හිතුවෙ නෑ නේද සහල් වලින් ඔයාට ලස්සන වෙන්න පුළුවන් කියලා .
ඔයත් මේ විදිහට කරලා බලන්නකෝ. සහල් ස්ක්‍රබ් එක හදාගන්නේ මෙන්න මෙහෙමයි.
මේ සඳහා ඔබේ බෙල්ලට , මුහුණට, සිරුරට අවශ්‍ය ප්‍රමාණයට සහල් ගෙන ජලයේ පැයක් පමණ පෙඟෙන්න තියන්න ඕනෙ.
ඉන්පසුව සහල් ජලයේ පොඟවා ගැනීමෙන් පසු තෙතමනය ඉවත්වන තුරු තියන්න ඕනේ ඔබ එය තරමක් කැට සිටින ලෙසකුඩු කරගන්න. ඉන්පසු එයට කෝමාරිකා ඉස්ම, මී පැණි, යෝගට් හෝ මී කිරි එකතු කර ස්ක්‍රබ් එක සාදා ගන්න.

නමුත් ඔබ එය සම මත ආලේප කරන්න කළින් ඔබේ සම හොදින් පිරිසිදුව තබා ගන්න.
ඔබට සහල් ජලයේ පොගවා ගන්න කියන හේතුව තමයි හාල් වල තද බවක් තියනවනේ . එහි තද ගතිය අඩුකර මෘදු ස්වභාවයක් ලබා ගන්න එහෙම කළොත් පුළුවන්. ඔයාගේ සම මොන ආකාරයේ වුණත් ඔයාට පුළුවන් මෙ සත්කාරය කරන්න පුළුවන් .
ඒ නිසා අනේ මගෙ තියෙන්නේ තෙල් සමක්, මගෙ වියළි සමක් මේ වගේ වද වෙන්න දෙයක් නැහැ.
ඒ වගේම මේ ස්ක්‍රබ් එක හදාගන්න යොදාගන්න දේවල් ගුණාත්මකද කියලා බලමු.
මී පැණි වලින් ඔබේ සම පිරිසිදු කරනවා .
ඒ වගේම ඔබේ ප්‍රතිශක්ති ගුණය වර්ධනය කරනවා, තවද සමෙහි ඇසට නොපෙනෙන තුවාල සුවපත් කරන්න, ඒ වගේම ඔබේ සමෙහි තෙතමනය රැකගන්නට හේතුවක් වෙනවා. ඔබට මතුවෙන අසාත්මිකතා වලක්වන්නත් හැකියාව තියනවා.
ඔබේ සම තුළ දීප්තිමත් බව වැඩිකරනවා මෙන්ම මැරුණු සම හොඳින් ඉවත්වී සම පැහැපත් වෙන්නට ඔබ නොදැනුවත්වම හේතුවක් වෙනවා. මේ විදිහට ඔබේ සුන්දරත්වය තව තවත් වැඩි කර ගන්නට සහල් ස්ක්‍රබ් එක පාවිච්චි කරලා බලන්න.

ඔබ නොසිතන බලාපොරොත්තු නොවන සුන්දරත්වයක් ඔබට ගෙන ඒවි. ඒ වගේම සහල් ස්ක්‍රබ් හදාගන්න භාවිතා කරන්නාවූ දේවල් ඔබට පහසුවෙන්ම සොයා ගන්න පුළුවන් දේවල් නේ. ඉතිං ඔයත් උත්සාහ කරලා බලන්න.