දිඹුලාගල විදුහලකට බඹරු පනියි

Report

දිඹුලාගල ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට අද උදෑසන බඹරුන් දෂ්ට කිරීම හේතුවෙන් විදුහල්පතිනිය ඇතුළු තිහකට ආසන්න පිරිසක් අරලගංවිල රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය පවසයි.

බඹරුන් දෂ්ට කිරීමෙන් පීඩාවට පත් විද්‍යාලයේ සිසුන් බේරාගැනීමට ක්ෂණිකව ඉදිරිපත් වූ අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

රජය මගින් 8 වෙනි දින සිට 10 වෙනි දින දක්වා විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කරයි - හේතුව මෙන්න

රජය මගින් 8 වෙනි දින සිට 10 වෙනි දින දක්වා විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කරයි - හේතුව මෙන්න

අනතුර සිදුවන අවස්ථාවේදී ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසුන් සඳහා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර මෙම හදිසි බඹර ප්‍රහාරය හේතුවෙන් එම උත්සවය ද තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ.

පුද්ගලයන් ස්මාර්ට්ෆෝන් එක්ක ගතකරන කාලයෙන් තුනෙන් එකක් පැහැදිළි අරමුණක් නෑ - නවතම හෙළිදරව්වක තොරතුරු මෙන්න

පුද්ගලයන් ස්මාර්ට්ෆෝන් එක්ක ගතකරන කාලයෙන් තුනෙන් එකක් පැහැදිළි අරමුණක් නෑ - නවතම හෙළිදරව්වක තොරතුරු මෙන්න

විද්‍යාලයේ ගොඩනැගිල්ලක් තුළ බැඳ තිබූ බඹර කූඩු කිහිපයක් හදිසියේ ඇවිස්සීම හේතුවෙන් උත්සවයට පැමිණ සිටි සිසුන් සහ පිරිස මෙම දරුණු බඹර ප්‍රහාරයට ගොදුරු වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධියත් සමඟ විදුහල්පතිනිය විසින් වහාම ක්‍රියාත්මක වී පොලිසිය සහ අරලගංවිල විශේෂ කාර්ය බළකාය දැනුවත් කිරීමට කටයුතු කළාය.

ඒ අනුව වහාම එම ස්ථානයට පැමිණි විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව බඹර ප්‍රහාරයට ගොදුරු වූ සිසුන් ඇතුළු පිරිස ආරක්ෂිතව මුදාගෙන කඩිනමින් අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.