වීසා නොමිලේම ගන්න පුළුවන් මේ විදිහ දැනගෙන හිටිය ද?.. - හැබැයි මෙන්න මේ අයට විතරයි..

Report

දැනට පවතින ක්‍රමවේදයට අනුව මාලදිවයින් වැසියන්ට ශ්‍රී ලංකාවට පැමිණී පසු දින 30ක සංචාරක වීසා බලපත්‍රයක් නොමිලේ ලබා ගත හැකිය.

වීසා නොමිලේම ගන්න පුළුවන් මේ විදිහ දැනගෙන හිටිය ද?.. - හැබැයි මෙන්න මේ අයට විතරයි.. | 30 Day Tourist Visa Free For Maldivian Residents

ඒ බව නිවේදනයක් නිකුත් කරමින් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එමෙන්ම, දින 30කට වැඩියෙන් රැඳී සිටීමට මාලදිවයින් ජාතිකයින්ට https://www.srilankaevisa.lk/ යන වෙබ් අඩවියට පිවිස නොමිලේ මාස 6ක වීසා බලපත්‍රයක් සඳහා අන්තර්ජාලය හරහා අයදුම් කිරීමේ හැකියාව ද පවතී.

ඉහළ දැම්ම වැටුප් ඒ විදිහට දුන්නේ නැත්නම් වෙන්නෙ මෙන්න මේකයි..

ඉහළ දැම්ම වැටුප් ඒ විදිහට දුන්නේ නැත්නම් වෙන්නෙ මෙන්න මේකයි..


මෙම වීසා බලපත්‍රයට පරිපාලන ගාස්තුවක් අය කරන බවද එහි සඳහන් වේ.

එසේ නොමැතිව දැනටමත් ශ්‍රී ලංකාවේ සිටින සහ වීසා දිගුවක් අවශ්‍ය මාලදිවයින් ජාතිකයින් සඳහා කොළඹ මාලදිවයිනේ මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ වීමේ හැකියාව ද පවති.

රටටම කළුවරේම ඉන්න වෙයි ද?. විදුලිබල මණ්ඩලයෙන් එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTOS)

රටටම කළුවරේම ඉන්න වෙයි ද?. විදුලිබල මණ්ඩලයෙන් එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTOS)


කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ නව විද්‍යුත් වීසා ක්‍රමයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග මාලදිවයින් සංචාරකයින්ට එහි බලපෑමක් නොමැතිව නිරවුල්ව සිය සංචාරය සිදුකර ගැනීම සහතික කිරීම සඳහා මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රී ලංකාවේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද එම නිවේදනයේ සඳහන් වේ.