දෙවන ලෝක යුද්ධ සමයේ ආපදාවට ලක්වූ ජපන් මොන්ටෙවීඩියෝ නෞකාවේ සුන්බුන් හමුවේ

By Sithumi Apr 22, 2023 12:39 PM GMT
Sithumi

Sithumi

Report

දෙවන ලෝක සංග්‍රාමයේදී ඕස්ට්‍රේලියානු හමුදා සහ සිවිල් වැසියන් 1,000කට ආසන්න සංඛ්‍යාවකට ජීවිත අහිමි කරමින් පිලිපීනයට ඔබ්බෙන් මුහුදුබත් වූ ජපන් ප්‍රවාහන නෞකාවේ සුන්බුන් මුහුදු ගවේෂකයන් විසින් සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය ඕස්ට්‍රේලියාව මුහුණ දුන් දරුණුතම සමුද්‍ර ව්‍යසනය වූ බවයි. පැපුවා නිව්ගිනියාවේ දී අල්ලා ගත් සිරකරුවන්ගෙන් නැව පිරී ඇති බව නොදැන එක්සත් ජනපද සබ්මැරීනයක් නැවට ටෝපිඩෝවක් හෙවත් දිය යට නළ බෝම්බයක් සවි කිරීම මඟින් නැව විනාශ කර තිබෙනවා.

මොන්ටෙවීඩියෝ මරු නෞකාව 1942 ජූලි මාසයේදී ආපදාවට ලක් වුණු අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නෝර්වීජියානු නාවිකයන් 33 ක් සහ ජපන් ආරක්ෂකයින් සහ කාර්ය මණ්ඩලය 20 ක් සමඟ ඕස්ට්‍රේලියානුවන් 979ක් මිය එහිදී මියගිය බවයි. ඕස්ට්‍රේලියානු සමුද්‍ර පුරාවිද්‍යා කණ්ඩායමක් වන Silentworld Foundation මෙම මෙහෙයුම සංවිධානය කරන ලද අතර Fugro නම් ලන්දේසි මුහුදු සමීක්ෂණ සමාගමක් විසින් මේ මෙහෙයුමට සහය වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ජපන් මොන්ටෙවීඩියෝ නැවෙහි සුන්බුන් විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර එය ටයිටැනික් නැවෙන් සොයාගත් සුන්බුන් ප්‍රමාණයද ඉක්මවූ බවයි.