රස පරීක්ෂකයින්ට ඇහෙන අලුත්ම සුබ ආරංචිය

Report

ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් 26 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කරන්නේ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර රස පරීක්ෂක පුරප්පාඩු 30ක් පමණ පවතින බවයි.

මේ හේතුවෙන්, රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමට අදාල කටයුතුවලට ගැටලු මතුව ඇති බවද සදහන්ය.

ඒ අනුව මීට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා, නව බඳවා ගැනීමේ පෙබරවාරි මුල් සතිය තුළ සිදුකර අවසන් කරන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ