නඩු භාණ්ඩයක් ලෙස තිබූ රුපියල් ලක්ෂ 26 ක් අතුරුදන්.

Sri Lanka Police
By Wayomi Sep 15, 2022 09:32 AM GMT
Wayomi

Wayomi

Report

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ රුපියල් ලක්ෂ 26 ක මුදලක් අස්ථානගත වී ඇති බව වාර්තා වෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම මුදල් මීට සති දෙකකට ඉහත දී මෙලෙස අස්ථානගත වී ඇති බවයි.

උප සේවා නිලධාරීන් භාරයේ මෙම මුදල් තිබී ඇති අතර නමුත් මේ වන තුරු කිසිදු පොලිස් නිලධාරියෙකුට චෝදනා එල්ල වී නැහැ.

කෙසේ වෙතත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ, වෙන යම් වැටලීමකින් පොලිස් භාරයට ගන්නා මුදල් වලින් අස්ථානගත වු මුදල් තොගය පියවා මෙම සොරකම වසන් කිරීමට එහි ඇතැම් නිලධාරීන් උත්සාහයක් ගන්නා බවයි.           


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW