රටම බ්ලෙක් අවුට් වෙන්නයි යන්නේ.. - ජනතාව අසරණයි.. රජය නිහඬයි

Report

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී තමන්ගේ ඉල්ලීම් ඉටු නොකර, මණ්ඩලය අහෝසි කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කළහොත් පෙර දැනුම්දීමකින් තොරව වර්ජනයකට පිවිසෙන බවට විදුලි වෘත්තීය සමිති අනතුරු අඟවා තිබෙනවා.

කොළඹදී ඊයේ (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විදුලි වෘත්තීය සමිති නියෝජිතයින් මේ බව ප්‍රකාශ කළා. ඉංජිනේරු සංගමය, තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය, කාර්මික ශිල්පීන්ගේ සංගමය ඇතුළු විදුලි වෘත්තීය සමිති 24ක් මේ සඳහා එක්ව සිටින බවයි ඔවුන් සඳහන් කළේ.

ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට අනුප්‍රාප්තික සමාගම් 6ක් පිහිටුවීම, ඒ සඳහා වත්කම්, වගකීම් හා කාර්යයන් පැවරීමේ මූලික පැවරුම් සැලැස්ම නීතිපතිගේ, මුදල් අමාත්‍යවරයාගේ හා මහා භාණ්ඩාගාරයේ උපදේශනයන්ට යටත්ව අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.

වාහන ගන්න ඉන්නවනම් දැන්ම ගන්න.. පහළම වැටෙයි.. මිල ගණන් මෙන්න

වාහන ගන්න ඉන්නවනම් දැන්ම ගන්න.. පහළම වැටෙයි.. මිල ගණන් මෙන්න

ඒ අනුව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු පසු විෂයභාර අමාත්‍යවරයා මගින් ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වන දිනය ගැසට් කිරීමට නියමිතයි.

විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණය හා පෞද්ගලීකරණයට එරෙහිව වෘත්තීය සමිති මීට පෙරද විරෝධතා හා වර්ජන ක්‍රියාමාර්ග ගෙන තිබෙන අතර, මෙම තත්ත්වය ජාතික විදුලි බල පද්ධතියට බලපෑම් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීම් එල්ල වෙමින් පවතිනවා. වෘත්තීය සමිති පවසන්නේ රැකියා ආරක්ෂාව, වැටුප් හා වෙනත් ඉල්ලීම් ඉටු නොකර මෙම ප්‍රතිව්‍යුහගතකරණය ඉදිරියට ගෙන යෑමට එරෙහිවයි මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ.

හදිසි අනතුරු ඇඟවීමක් - ශීත කාලගුණයත් එක්ක අලුත්ම වෛරස් රෝගයක්..

හදිසි අනතුරු ඇඟවීමක් - ශීත කාලගුණයත් එක්ක අලුත්ම වෛරස් රෝගයක්..