තවත් කට්ටියකට අවදානම් තත්ත්වයක් - ඉදිරි පැය 24 තීරණාත්මකයි
කුඹුක්කන් ඔය ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ඉදිරි පැය 24ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද දින (26) ප.ව. 4ට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව කුඹුක්කන් ඔය ද්‍රෝණිය ආශ්‍රිත ප්‍රදේශවලට ඊයේ (25) දින රාත්‍රියේ සිට ලැබෙන වර්ෂාපතනය නිසා මෙසේ ගංවතුර අවදානම් තත්ත්වයක් පවතින බව අදාළ නිවේදනයේ සඳහන්.
එමෙන්ම අධික වර්ෂාපනය හේතුවෙන් මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නක්කල, කුඹුක්කන, මාදුරුකැටිය යන ග්‍රාම නිලධාරී කොට්ඨාශවලට මෙන්ම බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඔක්කම්පිටිය හා ගාමිණීපුර යන ග්‍රාම නිලධාරී කොට්ඨාශවලට අයත් කුඹුක්කන් ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මෙලෙස ගංවතුර අවදානම් තත්ත්වයක් ඇති බව පවසයි.
එම ප්‍රදේශවල කුඹුක්කන් ඔය ආසන්නව පදිංචි ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන්කරන රථ වාහන රියදුරන් සහ මගීන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.