මේ අයට අද 3.30න් පස්සේ භයානක තත්ත්වයක්

Report

හැඩ ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට අද දින (26) ප.ව. 3.30ට සිට පැය 48ක් දක්වා වූ කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව මොනරාගල හා අම්පාර දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලට ඊයේ දින (26) රාත්‍රියේ සිට ලැබෙන අධික වර්ෂාපතනය නිසා මෙම තත්ත්වය ඇතිව තිබෙනවා.

එසේම මෙම වර්ෂාතනය නිසා මේ වනවිට හැඩඔය ද්‍රෝණියේ මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව සහ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් හැඩඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන මෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඉදිරි පැය 48 ඇතුළත ලොකු අවදානමක් - විමසිල්ලෙන් ඉන්න

ඉදිරි පැය 48 ඇතුළත ලොකු අවදානමක් - විමසිල්ලෙන් ඉන්න

අවදානම් තත්ත්වයක් කතරගම බැතිමතුන්ට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්

අවදානම් තත්ත්වයක් කතරගම බැතිමතුන්ට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්

වහාම ඉවත්වෙන්න - දිස්ත්‍රික්ක දෙකකට රතු නිවේදන

වහාම ඉවත්වෙන්න - දිස්ත්‍රික්ක දෙකකට රතු නිවේදන