රටම බලා සිටින තීරණය - ඊයේ නැවතුණු 22ට එරෙහි පෙත්සම් සලකා බැලීම අද යළි ඇරඹෙයි

Report

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම අද (02) දින නැවත ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව ඊයේ (01) පෙරවරු 10ට පමණ ආරම්භ වී රාත්‍රී 10.30 පමණ වන තෙක් පෙත්සම් සලකා බැලීම සිදුවූ බව සඳහන්.

එසේම අද දිනයේ දී පෙත්සම්කාර පාර්ශ්වයේ වැඩිදුර දේශන, අතරමැදි පෙත්සම්කරුවන් සහ නීතීපතිවරයාගේ කරුණු දැක්වීම් සිදුකිරීමට නියමිතව ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සාමාජිකත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකා බැලීම ඊයේ දින ඇරඹුණා.

එසේම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් 67ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබුණා.

තවත් ප්‍රවීණ‍යෙක් යන්න යයි - රටම ආදරය කළ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා දිවි ගමනට සමුදෙයි

තවත් ප්‍රවීණ‍යෙක් යන්න යයි - රටම ආදරය කළ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා දිවි ගමනට සමුදෙයි

පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේ පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සඳහන් කළේ, මෙය කෙලින්ම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුකරන පනතක් වන අතර මෙමඟින් අගවිනිසුරුවරයාගේ ධූර කාලය වසර දෙකකින් දීර්ඝ වීමක් සිදුවන බවයි.

එබැවින් ලබැඳියාවන් අතර ගැටුමක් මේ අවස්ථාවේදී උද්ගත වන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් විභාගය ශ්‍රේෂඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස ඉල්ලා සිටින බව පැවසුවා.

පසුව තවත් පෙත්සම්කාර පාර්ශවයන් සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ, මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරු විසින් ද එම ඉල්ලීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු කියා සිටියා.

හෙට සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්වයරු දැඩි විරෝධතාවයක් - ලබන සතිය ගැනත් අනතුරු අඟවයි

හෙට සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්වයරු දැඩි විරෝධතාවයක් - ලබන සතිය ගැනත් අනතුරු අඟවයි

එහිදී නීතිපතිවරයා සඳහා පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කිරීමේ අභිමතය පැවරී තිබෙන්නේ අගවිනිසුරුවරයාට බවයි.

එසේම විනිසුරු මඬුල්ලේ සංයුතිය තීරණය කිරීමේ සම්පූර්ණ බලය අගවිනිසුරුවරයා වෙති පැවරී ඇති අතර ඊට බාහිර පාර්ශ්ව මැදිහත්වීමේ හැකියාවක් නොමැති බවඳ සොලිසිටර් ජනරාල් විරාජ දයාරත්න මහතා සඳහන් කළා.

ඒ අනුව ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කළේ, අදාළ පෙත්සම් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස පෙත්සම්කාර පාර්ශ්ව විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

එබැවින් නම් කර සිටි පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකාබැලීම ඇරඹුණි. පසුව ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්තිරන් මහතා තවදුරටත් කරුණු දැක්වූ අතර පෙත්සම්කාර මහාචාර්ය ජී. එල් පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාද අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබූ පමණින් ආණ්ඩුවකට විනිසුරුවරුන්ගේ නිදහසේ රාජකාරී කිරීමට ඇති පරිසරයට බලපෑම් කිරීමේ හැකියාවක් නොමැති බවයි.

මුළු රටම සැක කළ කැට්වෝක් රැජින චූලා පද්මේන්ද්‍රගේ හදිසි මරණය ගැන දුන් තීන්දුව මෙන්න

මුළු රටම සැක කළ කැට්වෝක් රැජින චූලා පද්මේන්ද්‍රගේ හදිසි මරණය ගැන දුන් තීන්දුව මෙන්න

එමෙන්ම තවත් පෙත්සම්කරුවන් පිරිසක් සඳහ පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් සෘජුව හෝ වක්‍රව මෙම අධිකරණයේ විනිසුරුවරුන්ට බලපෑමක් සිදුවන බවයි.

එසේම නීතියේ ඉතා වැදගත් මූලධර්මයක් වන විනිසුරුවරයෙකු තමන්ට බලපාන කරුණක් පිළිබඳ තමන් විසින්ම නිශ්චියක් ලබාදීම නුසුදුසු වන අතර මෙම පනත් කෙටුම්පත තුළින් මෙම අධිකරණ විනිසුරුවන්ට බලපෑමක් සිදුවන බැවින් මෙම පෙත්සම ඔබතුමන්ලා විසින් විමසීම සුදුසු නොවන බවත් ශ්‍රීනාත් පෙරේරා මහතා සඳහන් කළා.

එමෙන්ම ඊළඟට ඇති විකල්පය ජනමත විචාරණයක් මඟින් පනත් කෙටුම්පත පිළිබඳ තීරණයක් ගැනීම ජනතාවට භාර කළ යුතු බවද ශ්‍රීනාත් පෙරේරා මහතා එහිදී පැවසුවා.

අද මේ ලග්න හිමියන්ට සුබ ඵල ගේන ප්‍රබෝධමත් දිනයක් - 2026.09.02 ලග්න පලාපල මෙන්න

අද මේ ලග්න හිමියන්ට සුබ ඵල ගේන ප්‍රබෝධමත් දිනයක් - 2026.09.02 ලග්න පලාපල මෙන්න

උසස් පෙළ ප්‍රතිපල වල ගැටලුවක්? ප්‍රශ්න පත්‍රයේ වැරැද්දක් නිසා නොමිලේ ලකුණු දෙන්න විභාග දෙපාර්තමේන්තුව එකඟ වෙයි

උසස් පෙළ ප්‍රතිපල වල ගැටලුවක්? ප්‍රශ්න පත්‍රයේ වැරැද්දක් නිසා නොමිලේ ලකුණු දෙන්න විභාග දෙපාර්තමේන්තුව එකඟ වෙයි