අල්ලස් ගත් නිලධාරියකුට වසර 22ක සිරදඬුවමක්

Report

නව රජය බලයට පත්වීමත් සමග වංචා දූෂණ සිදුකෙරූ පුද්ගලයින් රැසක් අත් අඩංගුවට ගැනීම සිදුවිය.ඒ අනුව  රාජ සේවයේ නිරත කිසිදු නිලධාරියෙක් වංචා දූෂණ සිදු නොකළ යුතු බවට රජය අවධාරණය කර තිබේ.

ඒ අනුව තඹුත්තේගම මහවැලි කලාපයේ ඉඩමක පිහිටි ගසක් කපා ඉවත් කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු ඉඩම් නිලධාරියකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 22ක සිරදඬුවමක් අද (25) නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

මම පැරදුනේ නෑ - ට්‍රම්ප් ඇමරිකාවටම විරුද්ධව වේ

මම පැරදුනේ නෑ - ට්‍රම්ප් ඇමරිකාවටම විරුද්ධව වේ

ඊට අමතරව විත්තිකරුට රුපියල් 30,000ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා, අල්ලස් පනතේ 26වන වගන්තිය යටතේ අල්ලස් වශයෙන් ලබාගත් මුදල දඩයක් වශයෙන් අය කර ගන්නා ලෙසත් නියෝග කළේය. එම දඩ මුදල ද නොගෙවන්නේ නම් අමතරව වසරක ලිහිල් සිර දඬුවමක් නියම කරන බවත් තීන්දුවේ සඳහන් විය. ඊට අමතරව අගතියට පත් පැමිණිලිකරුට රුපියල් ලක්ෂයක වන්දි ගෙවන ලෙසත් අධිකරණය විසින් විත්තිකරුට නියෝග කළේය.

මෙසේ දඬුවම් නියම වූයේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි හිටපු ඉඩම් නිලධාරියකු වන 67 හැවිරිදි තැනැත්තෙකුටය. පැමිණිලිකරු විසින් මහවැලි කලාපයේ තිබෙන ඉඩම්වල ගස් මිලදීගෙන ඒවා කපා මොරටුව ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ. මෙසේ මිලදී ගත් ගස් කැපීම සඳහා පැමිණිලිකරු විසින් ප්‍රාදේශීය කාර්යාලයෙන් බලපත්‍රයක් ඉල්ලා සිට ඇති අතර, එම බලපත්‍ර ලබාදීම සඳහා විත්තිකරු විසින් අදාළ අල්ලස් මුදල ඉල්ලා තිබේ.

රජයේ රැකියාවකට අලුත් අවස්ථාවක්

රජයේ රැකියාවකට අලුත් අවස්ථාවක්

පසුව 2016 වසරේ මාර්තු මස 14 වනදා අදාළ අල්ලස් මුදල විත්තිකරු විසින් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉල්ලා තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර තිබෙන බවය. ඒ අනුව විත්තිකරුට මෙම දඩුවම් නියම කරන බව විනිසුරුවරයා සඳහන් කළේය.

දුම්රිය වර්ජනයක් අද

දුම්රිය වර්ජනයක් අද