මම පැරදුනේ නෑ - ට්‍රම්ප් ඇමරිකාවටම විරුද්ධව වේ
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ වී නොමැති අතර සිදුව ඇත්තේ ඒවායේ කටයුතු මාස ගණනකින් පමණ පසුබෑමට ලක්වීම බව බුද්ධි අංශ වාර්තා පවසයි.
පෙන්ටගනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සියේ මූලික හානි තක්සේරුව පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත හෙළි වී තිබේ.
නමුත් ධවල මන්දිරය පවසන්නේ, මෙම තක්සේරුව "සම්පූර්ණයෙන් ම වැරදි" බවත් එය ජනාධිපති ට්‍රම්ප් පහත් කොට සැලකීමේ "පැහැදිලි උත්සහයක්" බවත්ය.