සංගීත ප්‍රසංගයක් නැරඹීම සදහා මුදල් සෙවීමට ගිය තරුණයාට අවසනාවන්ත ඉරණමක් - ගමක්ම කම්පා වෙයි..

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Sep 28, 2023 01:19 PM GMT
Sewvandhi

Sewvandhi

Report

21 හැවිරිදි වියේ පසුවූ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්, පාදුක්ක ලියන්වල ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් අතුරුදන්ව ඇත.

හල්කඳවත්ත ප්‍රදේශයේ ඉඩමකින් කෙසෙල් කැනක් කපා සොරකම් කර පළායමින් සිටි තරුණයින් තිදෙනෙකු අතරින් එක් අයෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත.

එහිදී මෙම තිදෙනා පසුපස ගම්වාසීන් හඹා යාමේදී දෙදෙනකු හල්කදවත්ත ප්‍රදේශය හරහා ගලා බසින පුස්ඇලි ඔයට පැන පිහිනා යාමට උත්සාහ කර ඇති බව වාර්තාවෙයි.

අනාවරණය වී තිබෙන්නේ,ඒ වනවිටත් ඔයේ ජල මට්ටම වැඩිවී තිබීම හේතුවෙන් ඉන් එක් අයෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි.

ප්‍රදේශවාසීන් විසින් එහිදී අනෙක් පුද්ගලයින් දෙදෙනා අල්ලා පොලීසියට භාරදී ඇත.

සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදීගැනීමට ඔවුන් විසින් මෙලෙස කෙසෙල් කැනක් සොරකම් කර ඇති බවයි, එහිදී සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇත්තේ.

පොලිස් නාවික කොට්ඨාශය විසින් අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා මෙහෙයුමක් ආරම්භ කළ ද මේ දක්වා අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයාගැනීමට නොහැකිව ඇත. මීගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ReeCha