මැදපෙරදිය තත්ත්වය උඩු යටිකුරු වෙද්දි ලංකාවේ ගුවන් ගමන් 205ක් අවලංගු කරයි
මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් මේ වන විට සම්පූර්ණ ගුවන් වාර 205ක් අවලංගු වී ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා සඳහන් කරයි.
ඒ අනුව මෙම අවලංගු වාර අතර පැමිණීමට නියමිත ගුවන්වාර 107ක් සහ පිටත්වීමට නියමිත ගුවන්වාර 98ක් ඇතුළත් වේ.
ගුවන්වාර අවලංගු වීමත් සමඟ මෙරට රැඳී සිටින සංචාරකයින්ට සති දෙකක වීසා දිගුවක් ලබා දීමට කටයුතු කරන අතර, නමුත් ඔවුන් මෙම තත්ත්වය සමග ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලය දක්වාම වීසා පහසුකම් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර තීරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම, අවලංගු වූ ප්‍රවේශපත්‍ර සඳහා මුදල් නැවත ලබා ගැනීමේ සහ වෙනත් ගුවන් ගමනකට පරිවර්තනය කිරීමේදී අතිරේක ගාස්තු නොඅයකිරීමේ පහසුකම් සියලු ගුවන් සමාගම් එකඟව ලබා දී ඇත.
මේ ක්‍රියාමාර්ග මගින් ගුවන් මගීන්ට ඇති වූ දුෂ්කරතාවය අඩු කරමින්, රැඳී සිටින සංචාරකයින්ගේ ආරක්ෂාව සහ පහසුකම් සලසා දීම අරමුණයි.