අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට ඇරඹෙයි
2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) දින සිට ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව, අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6ට පැවැත්වීමට නියමිත බව සඳහන් කළා.
එසේම අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමෙන් අනතුරුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6 ට සිදු කරන බව වාර්තා වේ.
එමෙන්ම අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බවද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර 2026 අයවැය ඊයේ (07) දින පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය පැය 4 කට අධික කලයක් ඉදිරිපත් කිරීම විශේෂත්වයක් වුණා.