පාසල්වල වෙන වෙනස්කම් මෙන්න - වෙලාව දිගු කළ නිසා පොදු ප්‍රවාහන සේවාවලත් වෙනසක්

Report

ඉදිරි වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය සහ ඊට සමගාමීව සිදුවන පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම අරමුණු කරගෙන මාධ්‍ය හමුවක් නාලක කලුවැව (අධ්‍යාපන ලේකම්)ගේ මූලිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වා ඇත.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ නව අධ්‍යාපන පරිවර්තනය වෙනසකට මුල පුරමින් 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

එසේම මෙම නව අධ්‍යාපන වෙනස වෙනුවෙන් පුහුණු කරුවන් පුහුණු කිරීමේ කටයුතු ජාතික අධ්‍යාපන ආයතනය මගින් සිදු කරන අතර එහි 99% පමණ අවසන් කර තිබෙන බවත් සඳහන් කළා.

පාසල් ළමුන්ට පාවහන් වවුචර දෙන්නේ නෑ - ඒ වෙනුවට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

පාසල් ළමුන්ට පාවහන් වවුචර දෙන්නේ නෑ - ඒ වෙනුවට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

එසේම 1 සහ 6 ශ්‍රේණිවලට අදාළ ගුරුවරුන් පුහුණු කිරීම 2025.12.31 පමණ වන විට අවසන් කරන බවත් මෙම ශ්‍රේණි දෙක සඳහා එක වාරයක් සඳහා අවශ්‍ය මොඩියුල 106ක් ඉදිරි සති දෙක තුළ මුද්‍රණය කර අවසන් කරන බවත් ප්‍රකාශ කළා.

මේ අතර මේ වන විට සමාජයේ බොහෝ කතා බහට ලක්ව ඇති පාසල් කාලය විනාඩි 30න් දීර්ඝ කිරීම 5 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල සිදු කරන බව සඳහන් කළ ලේකම්වරයා මෙය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ක්‍රියාකාකරම් මූලික අධ්‍යාපනයක් සිදු කිරීමට නියමිත බැවින් එක් කාලඡේදයක් විනාඩි 50ක් කිරීම සමස්ත ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මත සිදු වන බවද දැන්වූවා.

ඊට සාපේක්ෂව දුම්රිය, ලංගම බස් වැනි පොදු ප්‍රවාහන සේවා වල කාලය වෙනස් කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව, ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ජාතික ගමනාගමන මණ්ඩලය වැනි ආයතන සමග සාකච්ඡා පවත්වා ඇති බවත් එහිදී පෙන්වා දී තිබුණා.

එමෙන්ම ඉදිරි වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තනය සම්බන්ධයෙන් පළාත් 09 ආවරණය වන පරිදි සියලුම අධ්‍යාපන බලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩ සටහන් මේ වන විට ක්‍රියාත්මක බවත් ඒ්වා අවසන් අදියරේ පසුවන බවත් ප්‍රකාශ කර ඇත.

දිවයිනේ සියලුම පාසල් සඳහා විශේෂ දැනුම්දීමක්

දිවයිනේ සියලුම පාසල් සඳහා විශේෂ දැනුම්දීමක්

අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ මේ සම්බන්ධව දෙමව්පියන් දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් දෙසැම්බර් මාසයේ දී සිදු කිරීමට නියමිත බවයි.

මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ මෙම විෂය මාලා සකස් කිරීමේදී ලෝකයේ විවිධ රටවල අධ්‍යාපන ක්‍රමය පිළිබද පුළුල් නිරීක්ෂණයක් සිදු කළ බවත් ළමා මනසට උචිත ආකාරයෙන් අනාගත වැඩ ලෝකයට අවශ්‍ය ආකාරයට මෙය සකස් කර ඇති බවත්ය.

එසේම පරිවර්තනීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී 10 ශ්‍රේණියේ සිට වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ මූලික අඩිතාලම සිදු කරන බවත් සඳහන් කළා.

එය ඉදිරියට ගෙන යාමක් ලෙස අ.පො.ස. උසස් පෙළ විෂය ධාරාව තුළත් එම අධ්‍යනයන් ඉදිරියට කරගෙන යා හැකි වන පරිදි සකස් කරන බවත් ඔහු ප්‍රකාශ කළා.

මෙහිදී පාසල් කාලය විනාඩි 30න් දීර්ඝ කිරීමට අදාළව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් නාලක කලුවැව මහතා නවීන තාක්ෂණයත් සමග බද්ධ වී ඉදිරියට යන ලෝකයට ගැළපෙන දරුවකු සමාජගත කිරීමේ අරමුණින් සිදුකරගෙන යන මෙම නව අධ්‍යාපන පරිවර්තනයට ගුරුවරුන් සහයෝගය ලබා දෙතැයි අපේක්ෂා කරන බවද පැවසුවා.

අඳාළ මාධ්‍ය සාකච්ඡාවට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විභාග කොමසාරිස් ජනරාල්, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු සහ අධ්‍යක්ෂවරු එක්ව සිටියා.

විශ්‍රාම වැටුප් ඉස්සරහට වෙනස් වෙයි

විශ්‍රාම වැටුප් ඉස්සරහට වෙනස් වෙයි