මහින්දානන්ද සහ නලින්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරයි

Report

කැරම් බෝඩ් නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඩුවමට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර ඇත.

ඒ අනුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත්තේ විරාජ් වීරසූරිය සහ පී.එම්.ටී. බන්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලකින් බව වාර්තා වේ.

එසේම අඳාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල මඟින් අධිකරණය මඟින් වරදකරු කළ විත්තිකරුවකු අභියාචනයට යටත්ව ඇප ඉල්ලීමේ දී සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් කළා.

මම මේ මොකුත් දන්නේ නෑ මම ආවේ දරුවෝ බලන්න - විදුහල්පති සැමියා අත්අඩංගුවට ගද්දි මාලිමා මන්ත්‍රීනියත් ගෙදර ඉඳලා

මම මේ මොකුත් දන්නේ නෑ මම ආවේ දරුවෝ බලන්න - විදුහල්පති සැමියා අත්අඩංගුවට ගද්දි මාලිමා මන්ත්‍රීනියත් ගෙදර ඉඳලා

එසේ වුවත් මෙම විත්තිකරුවන් ඉදිරිපත් කළ කරුණු ඇප දීමට තරම් සුවිශේෂී කරුණු නොවීම හේතුවෙන් ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවට අඳාළ විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා හැරීමට සතොස ආයතනය ඔස්සේ කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කිරීම තුළින් රජයට රුපියල් මිලියන 53කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට විරුද්ධව අල්ලස් කොමිසම මඟින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පැවරීමට කටයුතු කළා.

ඒ අනුව දීර්ඝ නඩු විභාගයකින් පසුව එම චෝදනාවලට වරදකරු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් සහ නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවම් නියම විය.

මාලිමාව අයවැය පරදී

මාලිමාව අයවැය පරදී

අඳාළ දඩුවම්වලට විරුද්ධව විත්තිකරුවන් සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර ඇත.

ඒ අනුව එම අභියාචනා විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන විත්තිකරුවන් දෙදෙනා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම ඇප ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.  

වාහන ආනයනය පිළිබඳ එතෙක් මෙතෙක් ඇසූ සුභම ආරංචිය මෙන්න - අයවැයෙන් ඉහළම ඉඩක් වෙන් කරයි

වාහන ආනයනය පිළිබඳ එතෙක් මෙතෙක් ඇසූ සුභම ආරංචිය මෙන්න - අයවැයෙන් ඉහළම ඉඩක් වෙන් කරයි