හීන දිගේ ඇවිදගන යමු
බොහෝ දෙනෙක් කියනවා ගොඩක් ලොකු හීන දකින්න එපාලු. ඒත් මංනම් කියන්නෙ ලොකු ලොකු හීන දකින්න ඕනෙ කියලා. මොකද අපි අහසට ගලක් ගැහුවොත් තරුවක් හරි කඩන් වැටේවී.ඉතිං කවදාවත් තමන් ජීවිතේ ලොකු ලොකු හීන දකින එක නවත්තන්න නම් එපා.
ගොඩක් අය ඔබට කියාවී අහස උසට හීන දකින්න එපා කියලා. ඕවා හැබෑ නොවන හීන කියාවි.ඒත් හීන දකින එක නවත්තන්නම් එපා.මොකද හීන දකින එක නවතපු දවසට එදාට ඔබට ජීවත් වන්නට බලාපොරොත්තුවක් නැති වේවි.
එකක් කියන්නම ඕනෙ ඔයා හීන දකින්නත් ඕනෙ නින්දෙදි එහෙම නෙමේ. ඇස් ඇරගන .ඉතිං ඇස් ඇරගෙන දකින හීන දවසක යාථාර්තයක් වේවි. ඔයා o/L කරන ළමයෙක්නම් ඔයාගෙ හීනෙ වෙන්න ඕනෙ A-9 ක්. සමහරවිට ඔයාට A-9 ක් ම ගන්න බැරි වේවි. ඒත් ඔබ ගොඩක් හොද ප්‍රථිඵලයක් ගනීවී.
ඒ බව සැකයක් නම් නැත. එවගේම විශ්ව විද්‍යාලය වෙත පියමනින්න්ට බලාපොරොත්ටතුවෙන් ඉන්න ඔයා හොදම විශ්වවිද්‍යාලය හොද උපාධියක් වෙනුවෙන් හීන දකින්න.

එය සැබෑවක් වේවි නිසකවම.හැම වෙලේම තමන් දකින හීනය චිත්ත රූප මවන්න පුරුදු වෙන්න ඒ කිව්වේ අපි හිතින් තමන්ගේ හීනය මවාගන්නවා.එවිට ඒ හීනෙට යන්නට ඔයාට තවත් ආශා හිතේවී.
ජීවිතේ ගලන ගගක් වගේනේ .ඔබටත් ගගකට ගල්පර බාධාක හමුවෙනවා වගේ ජීවිතේ නොයෙකුත් බාධා ඒවි. ඒත් හීන දකින එක නවත්තන්න එපා. ඔබේ උත්සහය අත් හරින්නත් එපා.
ඉතිං ජීවිතේ හීනයකින් තොරව බලාපොරොත්තුවක් අරමුණක් නම් නැහැ . සිහින දිගේ ඇවිදගන යන ඔයාට ඒ හීන හැබෑවක් කරගන්න ශක්තිය ලැබෙන්නම ඕනේ.