බිහිසුණු අනතුරකින් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
By Kaushi
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙට්ටුමකඩ හන්දිය අසලදී පාපැදියක ගමන්කළ දරුවෙකු ලොරි රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අනුව ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථය ඊයේ (07) දින රාත්‍රියේ ගමන්කිරිමේ දී මෙසේ මාර්ගය හරහා පාපැදිකින් ගමන්කළ දරුවාගේ ගැටී ඇති බව වාර්තා වේ.
පසුව අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 11 ක් වූ කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි කුඩා පිරිමි දරුවෙක් බව සඳහන්.
මේ අතර මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.