2026 විභාග කාලසටහන ගැන හදිසි නිවේදනයක් - විභාග දින වෙනස් වෙයිද?
2026 වසර සඳහා නියමිත විභාග කාලසටහනෙහි කිසිදු වෙනසක් සිදු නොකර, පෙර නියමිත දිනයන්හිදීම සියලු විභාග පැවැත්වීමට අවශ්‍ය සූදානම් කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
අද (24) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, 2025 සැප්තැම්බර් 14 දින ප්‍රකාශයට පත් කළ පරිදි 2026 වසරේ විභාග කාලසටහන යථා පරිදි ක්‍රියාත්මක වන බවයි.
සිසුන්ට සිය අධ්‍යයන කටයුතු සැලසුම් කිරීමට ප්‍රමාණවත් කාලය ලබාදීම සලකා බලමින් මෙම කාලසටහන සකස් කර ඇති බවද ඇය එහිදී අවධාරණය කළාය.