සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් වෙයි -විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

Report

විභාග සහතිකපත් මාර්ගගත සේවාව අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය - 2025 (2026) වර්ෂයට අදාළ සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ, සහතික පත්‍ර ලබාගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව වෙත පෞද්ගලිකව පැමිණීමෙන් වළකින ලෙසයි.

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම්දීමක්

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම්දීමක්

 ඒ වෙනුවට, අදාළ මාර්ගගත සේවාව ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කර තැපැල් මාර්ගයෙන් සහතික පත්‍රය නිවසටම ලබාගත හැකි බව ද ඇය දැනුම් දී ඇත.

සහතික පත්‍ර සඳහා අයදුම් කිරීම විභාග සහතිකපත් මාර්ගගත සේවාව ඔස්සේ සිදු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

 https://certificate.doenets.lk/certificate සබැදිය ඔස්සේ මාර්ගගතව අයදුම්කර තැපැත් මාර්ගිකව සහතික පත්‍රය නිවසටම ගෙන්වා ගත හැකි බවත් වැඩිදුරටත් දැනුම් දී තිබේ.