සුකුමල දෑතින් රට කරවන්නට.. මෙවර පාර්ලිමේන්තුවට එන කාන්තා නියෝජනය මෙන්න..
2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව 10 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා කාන්තාවන් 21 දෙනෙකු තේරී පත්ව තිබෙනවා.
එයින් 19 දෙනෙකුම ජාතික ජන බලවේගයෙන් වේ.
එමෙන්ම, දෙදෙනෙක් සමගි ජන බලවේගයෙන් පත්ව ඇත.
ඒ අනුව ආචාර්ය හරිනි අමරසූරිය, කෞෂල්‍යා ආරියරත්න, සමන්මලී ගුණසිංහ, හේමාලි සුජීවා, නිලන්ති කොට්ටහච්චි, ඔශානි උමංගා, තුෂාරි ජයසිංහ, අනුෂ්කා තිලකරත්න, කිෂ්නන් කලෙයිචෙල්වි, හසාරා ලියනගේ, සරෝජා පෝල්රාජ්, මුතූ රත්වත්තේ, ගීතා හේරත්, හිරුණි විජේසිංහ, අම්බිකා සැමුවෙල්, චතුරි ගංගානි, නිලුෂා ගමගේ, සාගරිකා අතාවුද, දීප්ති වාසලගේ යන කාන්තාවන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.
එමෙන්ම, සමගි ජන බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනි කුමාරි විජේරත්න සහ චමින්ද්‍රානි කිරිඇල්ල තේරී පත්ව ඇත.
මේ අතර, 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා ද කාන්තා නියෝජනයක් නම්කර තිබෙනවා.
ඒ ලක්මාලි කාන්චනා හේමචන්ද්‍ර යි.
