අද රෑ වෙන දෙය ගැන.. කාලගුණ අණාවැකිය මෙන්න..
අද(17) පස්වරුවේ දීත් බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එමෙන්ම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
මේ අතර, ඊයේ ඇති වූ වැසි තත්ත්වයත් සමග නිල්වලා ගගේ පවතින අවධානම් තත්ත්වය සහ අත්තනගලු ඔයේ පවතින සුළු ගංවතුර තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.